☰
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත කෙනා, හරියට ඔසවාගෙන ආපු බරක් බිමින් තිබ්බා වගේ දෙව්ලොව උපදිනවා. මොන කරුණු දෙකෙන්ද? ඒ තමයි සුන්දර වූ සීලයත්, සුන්දර වූ දෘෂ්ටියත්. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් සමන්විත කෙනා හරියට ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ, දෙව්ලොව උපදිනවා.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“යහපත් සීලයත්, යහපත් දෘෂ්ටියත් කියන මේ කරුණු දෙකෙන් යුතු නුවණැති කෙනෙක් ඉන්නවා. කය බිඳිලා මිය පරලොව ගියාට පස්සේ ඔහු දිව්‍ය ලෝකයේ උපදිනවා.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M