භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.
“පින්වත් මහණෙනි, කරුණු දෙකකින් සමන්විත භික්ෂුව මේ ජීවිතයේදීම ජීවත් වෙන්නේ ගොඩාක් සැපසේමයි. පීඩා නැතුවමයි. වෙහෙස නැතුවමයි. කිසිම දැවීමකුත් නැතුවමයි. කය බිඳිලා මිය පරලොව ගියාට පස්සෙත් සුගතියේ ඉපදීමමයි කැමති වෙන්න තියෙන්නෙත්. ඒ කරුණු දෙක මොනවාද? ඒවා තමයි ඉඳුරන් සංවර කර ගැනීමත්, වළඳන භෝජනයේ සැබෑ අර්ථය දන්නාකමත්. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් සමන්විත භික්ෂුවට මේ ජීවිතයේදීම ගොඩක් සැපෙන් ජීවත් වෙනවා. පීඩා නැතුව ජීවත් වෙනවා. වෙහෙස නැතුව, කිසිම දැවීමකුත් නැතුව තමයි ජීවත් වෙන්නේ. කය බිඳිලා ගියාට පස්සෙත් සුගතියේ ඉපදීමමයි කැමති වෙන්න තියෙන්නේ.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.
“ඇස, කන, නාසය, දිව, කයත් ඒ වගේම මනස කියන මේ ආයතනයත් තියෙනවා. ඒවා ඉතා හොඳින් සංවර කරගත් භික්ෂුවක් මේ ශාසනයේ ඉන්නවා,
වළඳන භෝජනයේ සැබෑ අර්ථයත් දන්නවා. ඉන්ද්‍රියයනුත් ඉතා හොඳින් සංවර කරගෙන ඉන්නවා. ඔහු කායික සැපයෙනුත්, මානසික සැපයෙනුත් සැපයට පත්වෙනවා.
ඔහුගේ කය දැවෙන්නෙත් නෑ. සිත දැවෙන්නෙත් නෑ. ඒ නිසාම දිවා රාත්‍රී දෙකේ සැපසේම තමයි ජීවත් වෙන්නේ.”
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M