ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.3.5. සම්පජාන මුසාවාද සුත්තං

1.3.5. දැන දැන බොරු කීම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, සත්‍යවාදී වීම නම් වූ එකම එක දෙය ඉක්මවා යන පුද්ගලයෙකුට කරන්න බැරි පාප කර්මයක් නැති බවයි මම කියන්නේ. ඒ එකම එක දෙය මොකක්ද? පින්වත් මහණෙනි, ඒක තමයි මේ දැන දැන බොරු කියන එක.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“සත්‍යය කතා කිරීම නමැති එකම එක දේ ඉක්මවා යන, බොරු කියන, පරලොව සැපයක් නොලබන ඒ පුද්ගලයාට කරන්න බැරි පාපයක් නෑ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M