ඛුද්දක නිකාය

ඉතිවුත්තක පාළි

1.2.4. අවිජ්ජා නීවරණ සුත්තං

1.2.4. ආර්ය සත්‍යය ගැන අනවබෝධයෙන් වැසී යාම ගැන වදාළ දෙසුම

භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

“පින්වත් මහණෙනි, යම් නීවරණයකින් වැසී ගිය මේ සත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සසරේ සැරිසරමින් යනවා නම්, පින්වත් මහණෙනි, මේ අවිද්‍යා නීවරණය බඳු වෙන එකම නීවරණයක්වත් මම නම් දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අවිද්‍යාව (චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොවීම) නමැති නීවරණයෙන් වැසී ගිය සත්ව ප්‍රජාව අති දීර්ඝ කාලයක් මුළුල්ලේ සංසාරේ දුව දුව සැරිසරා යනවා.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“යම් බඳු වූ මෝහයකින් වැහිල ගිය සත්ව ප්‍රජාව ඒ නීවරණයෙන් වැසුණු නිසාමයි නිරතුරුවම සසර දුකට වැටී සැරිසරා යන්නේ. එයට මුල් වූ මේ අවිද්‍යා නීවරණය වැනි වූ අන් කිසි දෙයක් ඇත්තේ නැහැ.

යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් මේ අවිද්‍යාව නම් වූ මෝහය නැති කර දැමූ විට අවිද්‍යා අන්ධකාරය විදර්ශනා ප්‍රඥාවෙන් සිඳ බිඳ දැමූ විට ඒ ආර්ය ශ්‍රාවකයන් ආයෙමත් සසර සැරිසරා යන්නේ නෑ. ඔවුන් තුළ සසර සැරිසරා යන්න හේතු වන කරුණු දැකගන්න නැහැ.”

මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_4-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M