මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. එදා ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩියා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩිවුනා. පැත්තකින් වාඩිවුන දබ්බමල්ලපුත්ත තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා. “සුගතයන් වහන්ස, දැන් මට පිරිනිවන් පාන්න කාලය ඇවිදිල්ලා” කියලා. “පින්වත් දබ්බ, යම් දෙයකට දැන් සුදුසු කාලයයි කියලා හිතනවා නම්, එය කරන්න.”
ඊට පස්සේ ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත තෙරුන් ආසනෙන් නැගිට්ටා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. අහසට පැන නැංගා. පළඟක් බැඳගෙන අහසේ වැඩසිටිමින්, තේජෝ ධාතු සමාපත්තියට සමවැදුනා. එයින් නැගී සිට පිරිනිවන් පෑවා. ඒ විදිහට අහසට පැන නැගී, පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදී, එයින් නැගී සිට පිරිනිවන් පා වදාළා, ගිනි ගෙන දැවෙන දබ්බමල්ලපුත්ත තෙරුන්ගේ සිරුරේ අළුවත්, දැලිවත් ඉතිරි වුනේ නෑ. ඒක හරියට ගිනිගෙන දැවෙන ගිතෙල්වල හරි, තලතෙල්වල හරි අළුවත්, දැලිවත් හැදෙන්නෙ නෑ වගේ. අන්න ඒ වගේමයි අහසට පැන නැගී, පළඟක් බැඳගෙන, තේජෝ ධාතු සමාපත්තියට සමවැදී, එයින් නැගී සිට පිරිනිවන් පා වදාළා, ගිනි ගෙන දැවෙන දබ්බමල්ලපුත්ත තෙරුන්ගේ සිරුරේ අළුවත්, දැලිවත් ඉතිරි වුනේ නෑ.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“කය බිඳිලා ගියා. සඤ්ඤාවන් නිරුද්ධ වෙලා ගියා. හැම විඳීමක්ම සිහිල් වෙලා ගියා. සංස්කාර සංසිඳිලා ගියා. විඤ්ඤාණය නොපෙනී ගියා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M