ඛුද්දක නිකාය

උදාන පාළි

8.2. දුතිය නිබ්බාන සුත්තං

8.2. ඒ අමා නිවන ගැන වදාළ දෙවෙනි උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන ගැන කරුණු කැටි කරන ලද දහම් කතාවෙන් කරුණු පෙන්වා දෙනවා. එහි සමාදන් කරවනවා. එහි උනන්දු කරවනවා. නිවන් සුවය ගැන හිතේ සතුට ඇති කරවනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, ගොඩාක් ආශාවෙන්, නුවණින් සිහි කරමින්, සම්පූර්ණයෙන් අවධානය යොමු කරගෙන, කන් යොමු කරගෙන ඒ ධර්මය අහගෙන ඉන්නවා.

ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

“එය අවබෝධ කරන්න දුෂ්කර තමයි. එතැන තණ්හාව නෑ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය අවබෝධ කරන එක පහසු නෑ තමයි. තෘෂ්ණාව නැති වන්නේ අවබෝධයෙන්මයි. යථාර්ථය දන්නා, දකිනා කෙනෙකුට කෙලෙස් ඇතිවෙන්නේ නෑ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M