මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන ගැන කරුණු කැටි කරන ලද දහම් කතාවෙන් කරුණු පෙන්වා දෙනවා. එහි සමාදන් කරවනවා. එහි උනන්දු කරවනවා. නිවන් සුවය ගැන හිතේ සතුට ඇති කරවනවා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලාත්, ගොඩාක් ආශාවෙන්, නුවණින් සිහි කරමින්, සම්පූර්ණයෙන් අවධානය යොමු කරගෙන, කන් යොමු කරගෙන ඒ ධර්මය අහගෙන ඉන්නවා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“පින්වත් මහණෙනි, මෙන්න මේ වගේ තැනක් තියෙනවා. එතැන පඨවි ධාතුව නෑ. ආපෝ ධාතුව නෑ. තේජෝ ධාතුව නෑ. වායෝ ධාතුව නෑ. ආකාසානඤ්චායතනය නෑ. විඤ්ඤාණඤ්චායතනය නෑ. ආකිඤ්චඤ්ඤායතනය නෑ. නේවසඤ්ඤානාසඤ්ඤායතනය නෑ. ඒක මේ ලෝකයත් නොවෙයි. පර ලෝකයත් නොවෙයි. එතැන හිරු සඳු දෙකත් නෑ. පින්වත් මහණෙනි, එතැන ඒමක් නෑ. යෑමක් නෑ. සිටීමක් නෑ. චුතවීමක් නෑ. ඉපදීමක් නෑ. මේක කිසිවක් මත පිහිටපු දෙයකුත් නොවෙයි. කිසි දෙයක් නිසා පවතින දෙයකුත් නොවෙයි. කිසිම අරමුණක බැසගන්නෙත් නෑ. මේකම තමයි දුකේ කෙළවර.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-8-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M