මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ.
ඒ කාලෙ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්, ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන්ට ධර්ම කරුණු පෙන්වා දෙනවා. සමාදන් කරවනවා. උනන්දුව ඇති කරවනවා. සිතේ සදහම් සුවය ඇති කරවනවා. ඉතින් ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් ඔය විදිහට නොයෙක් අයුරින් දහම් කතාව කරද්දී, සමාදන් කරවද්දී, උනන්දුව ඇති කරද්දී, සදහම් සුවය ඇති කරවද්දී ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන්ගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වුනා. ඔය විදිහට ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ නොයෙක් අයුරින් දහම් කතාව කරද්දී, සමාදන් කරවද්දී, උනන්දුව ඇතිකරවද්දී, සදහම් සුව ඇතිකරවද්දී, ආයුෂ්මත් ලකුණ්ඨක භද්දිය තෙරුන්ගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යන ආකාරය භාග්‍යවතුන් වහන්සේට දැකගන්නට ලැබුණා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.
“උද්ධම්භාගිය සංයෝජනත්, ඕරම්භාගිය සංයෝජනත් කියන මේ හැම බන්ධනයකින්ම නිදහස් වෙච්ච කෙනා, ‘මේ මම’ කියලා කිසි දෙයක් දකින්නේ නෑ. ඒ විදිහටයි රහත් භික්ෂුව සසර සැඩ පහරින් එතෙර වුනේ. ආයෙත් භවයක් හට නොගැනීම පිණිසමයි මීට කලින් එතෙර නොවූ සංසාරයෙන් එතෙර වුනේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M