ඛුද්දක නිකාය

උදාන පාළි

4.1. මේඝිය සුත්තං

4.1. මේඝිය තෙරුන් අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා චාලිකායං විහරති චාලිකේ පබ්බතේ. තේන ඛෝ පන සමයේන ආයස්මා මේඝියෝ භගවතෝ උපට්ඨාකෝ හෝති. අථ ඛෝ ආයස්මා මේඝියෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ආයස්මා මේඝියෝ භගවන්තං ඒතදවෝච. “ඉච්ඡාමහං භන්තේ, ජන්තුගාමං පිණ්ඩාය පවිසිතු”න්ති. “යස්සදානි ත්වං මේඝිය, කාලං මඤ්ඤසී”ති.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ වාලිකා නුවර අසල වාලිකා පර්වතයේ. ඒ කාලේ ආයුෂ්මත් මේඝිය තෙරුන් තමයි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළේ.

එදා ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මං ජන්තු ගමට පිණ්ඩපාතෙ වඩින්නට කැමතියි.”

“පින්වත් මේඝිය, යම් ගමනකට කාලය යැයි ඔබ සිතුවා නම් එය දැන් කරන්න.”

අථ ඛෝ ආයස්මා මේඝියෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසි. ජන්තුගාමේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන කිමිකාලාය නදියා තීරං තේනුපසංකමි. උපසංකමිත්වා කිමිකාලාය නදියා තීරේ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ අද්දසා ඛෝ අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වානස්ස ඒතදහෝසි – “පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචේ මං භගවා අනුජානෙය්‍ය, ආගච්ඡෙය්‍යාහං ඉමං අම්බවනං පධානායා”ති.

ඊට පස්සේ ආයුෂ්මත් මේඝිය තෙරුන් උදේ වරුවේ සිවුරු පොරවා ගත්තා. පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතය පිණිස ජන්තු ගමට වැඩියා. ජන්තු ගමෙහි පිණ්ඩපාතෙ කරගත්තා. පිණ්ඩපාතෙන් පස්සේ හවස් කාලෙ කිමිකාලා කියන ගං තෙරට වැඩියා. වැඩලා කිමිකාලා ගං ඉවුරේ ඔබ මොබ සක්මන් කරමින් ඉන්න වෙලාවේ ඉතා ප්‍රසාදජනක වූ, රමණීය වූ අඹ වනයක් දැක්කා. දැකලා මෙහෙම හිතුනා. ‘ඇත්තෙන්ම මේ අඹ වනය නම් ඉතාම ප්‍රසාදජනකයි. ගොඩාක් රමණීයයි. මේ වගේ තැනක් නම් වීරියෙන් භාවනා වඩන්න කැමැති කෙනෙකුට, ඒ පධන් වීරිය වඩන්න නම් කදිමයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම්, මම පධන් වීරිය වඩන්නට මේ අඹ වනයට එනවා’ කියල.

අථ ඛෝ ආයස්මා මේඝියෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා මේඝියෝ භගවන්තං ඒතදවෝච. “ඉධාහං භන්තේ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසිං. ජන්තුගාමේ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තෝ යේන කිමිකාලාය නදියා තීරං තේනුපසංකමිං. උපසංකමිත්වා කිමිකාලාය නදියා තීරේ ජංඝාවිහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ අද්දසං අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වාන මේ ඒතදහෝසි – ‘පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචේ මං භගවා අනුජානෙය්‍ය, ආගච්ඡෙය්‍යාහං ඉමං අම්බවනං පධානායා’ති. සචේ මං භන්තේ, භගවා අනුජානාති, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා”ති.

ඉන්පසුව ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්ස්ට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මං අද උදේ වරුවේ සිවුරු පොරවා ගෙන, පාත්‍ර සිවුරු අරගෙන ජන්තු කියන ගමට පිණ්ඩපාතෙ වැඩියා. ජන්තු ගමෙහි පිණ්ඩපාතෙන් පස්සේ හවස් වරුවේ කිමිකාලා ගං තෙරට ගියා. ගිහිල්ලා ඒ කිමිකාලා ගං තෙර ඔබ මොබ සක්මන් කරමින් ඉන්න වෙලාවෙ ගොඩාක් ප්‍රසාදජනක වූ, රමණීය වූ අඹ වනයක් දැක්කා. දැකලා, මට මෙහෙම හිතුනා. ‘ඇත්තෙන්ම මේ අඹ වනය නම් ඉතාම ප්‍රසාදජනකයි. ගොඩාක් රමණීයයි. මේ වගේ තැනක් නම් වීරියෙන් භාවනා වඩන්න කැමැති කෙනෙකුට, ඒ පධන් වීරිය වඩන්න නම් කදිමයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම්, මම පධන් වීරිය වඩන්නට මේ අඹ වනයට එන්න ඕන’ කියලා. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාරණ සේක් නම් මම පධන් වීරිය වඩන්නට ඒ අඹ වනයට යන්නම්.”

ඒවං වුත්තේ භගවා ආයස්මන්තං මේඝියං ඒතදවෝච – “ආගමේහි තාව මේඝිය, ඒකකම්හා යාව අඤ්ඤෝ කෝචි භික්ඛු ආගච්ඡතී”ති. දුතියම්පි ඛෝ ආයස්මා මේඝියෝ භගවන්තං ඒතදවෝච – “භගවතෝ භන්තේ, නත්ථි කිඤ්චි උත්තරි කරණීයං, නත්ථි කතස්ස වා පතිචයෝ. මය්හං ඛෝ පන භන්තේ, අත්ථි උත්තරි කරණීයං, අත්ථි කතස්ස පතිචයෝ. සචේ මං භන්තේ, භගවා අනුජානාති, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා”ති. දුතියම්පි ඛෝ භගවා ආයස්මන්තං මේඝියං ඒතදවෝච – “ආගමේහි තාව මේඝිය, ඒකකම්හා යාව අඤ්ඤෝ කෝචි භික්ඛු ආගච්ඡතී”ති. තතියම්පි ඛෝ ආයස්මා මේඝියෝ භගවන්තං ඒතදවෝච – “භගවතෝ භන්තේ, නත්ථි කිඤ්චි උත්තරි කරණීයං, නත්ථි කතස්ස වා පතිචයෝ. මය්හං ඛෝ පන භන්තේ, අත්ථි උත්තරි කරණීයං, අත්ථි කතස්ස පතිචයෝ. සචේ මං භන්තේ, භගවා අනුජානාති, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා”ති.

මෙහෙම කිව්වට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මේඝිය තෙරුන්ට මෙහෙම වදාළා.

“පින්වත් මේඝිය, මමත් තනියම නිසා තව කවුරු හරි භික්ෂුවක් එනකල් පොඞ්ඩක් ඉවසන්න.”

දෙවන වතාවටත් ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට නම් නිවන් පිණිස තවදුරටත් කළ යුතු දෙයක් නෑ. කරගත්තු දේ තුළ අලුතෙන් රැස් කර ගත යුතු දේකුත් නෑ. ඒත් ස්වාමීනී, මට නම් තව කොච්චර දේවල් රැස් කරගන්න තියෙනවාද? කර ගත්තු දේවල් තුළ අලුතෙන් රැස් කර ගත යුතු දේවලුත් තියෙනවා නෙව. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේක් නම්, මං වීරිය වඩන්න ඒ අඹ වනයට යන්නම්.”

දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මේඝිය තෙරුන්ට මෙහෙම වදාළා.

“පින්වත් මේඝිය, මමත් තනියම නිසා තව කවුරු හරි භික්ෂුවක් එනකල් පොඞ්ඩක් ඉවසන්න.”

තුන්වන වතාවටත් ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කිව්වා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට නම් නිවන් පිණිස තවදුරටත් කළ යුතු දෙයක් නෑ. කරගත්තු දේ තුළ අලුතෙන් රැස් කර ගත යුතු දේකුත් නෑ. ඒත් ස්වාමීනී, මට නම් තව කොච්චර දේවල් රැස් කර ගන්න තියෙනවාද? කරගත්තු දේවල් තුළ අලුතෙන් රැස් කර ගත යුතු දේවලුත් තියෙනවා නෙව. ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේක් නම්, මං වීරිය වඩන්න ඒ අඹ වනයට යන්නම්.”

“පධානන්ති ඛෝ මේඝිය, වදමානං කින්ති වදෙය්‍යාම? යස්සදානි ත්වං මේඝිය, කාලං මඤ්ඤසී”ති. අථ ඛෝ ආයස්මා මේඝියෝ උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යේන තං අම්බවනං තේනුපසංකමි. උපසංකමිත්වා තං අම්බවනං අජ්ඣෝගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලේ දිවාවිහාරං නිසීදි. අථ ඛෝ ආයස්මතෝ මේඝියස්ස තස්මිං අම්බවනේ විහරන්තස්ස යේභුය්‍යේන තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්‍යථීදං – කාමවිතක්කෝ, බ්‍යාපාදවිතක්කෝ, විහිංසාවිතක්කෝ’ති. අථ ඛෝ ආයස්මතෝ මේඝියස්ස ඒතදහෝසි – “අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ ! සද්ධාය ච වතම්හි අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. අථ ච පනිමේහි තීහි පාපකේහි අකුසලේහි විතක්කේහි අන්වාසත්තා. සෙය්‍යථීදං – කාමවිතක්කේන, බ්‍යාපාදවිතක්කේන, විහිංසාවිතක්කේනා’ති.

“පින්වත් මේඝිය, වීරිය කරන්න ඕනම කියලා කියනවා නම්, මං ඒකට මොකක් කියන්නද? පින්වත් මේඝිය, ඔබ යම් දෙයකට කාලය යැයි සිතුවා නම්, දැන් ඒ දේ කරන්න.”

එතකොට ආයුෂ්මත් මේඝිය තෙරුන් අසුනෙන් නැගිටලා, භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. ඒ අඹ වනය බලා පිටත් වුනා. ගිහින් අඹ වනයේ ඇතුළටම ගියා. දවල් කාලෙ ගත කරන්න හිතලා එක්තරා රුක් සෙවනක වාඩි වුනා. ඉතින්, ඒ අඹ වනයේ ඉන්න මේඝිය තෙරුන්ට පුදුමාකාර විදිහට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේ තුන් ආකාර වූ පාපී අකුසල් සිතුවිලි ඇතිවෙන්න පටන් ගත්තා. එතකොට ආයුෂ්මත් මේඝිය තෙරුන්ට මෙහෙම හිතුනා. ‘පින්වත්නි, මේක මහා ආශ්චර්යවත් දෙයක් නෙව. පින්වත්නි, මේක මහා අද්භූත දෙයක් නෙව. මං ගිහි ජීවිතය අත්හැරලා උතුම් පැවිද්දට පත් වුනේ කොයිතරම් ශ්‍රද්ධාවකින්ද. නමුත් දැන් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පාපී අකුසල විතර්කයන්ගෙන් සිත කැළඹිලා නෙව’ කියලා.

අථ ඛෝ ආයස්මා මේඝියෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා මේඝියෝ භගවන්තං ඒතදවෝච – “ඉධ මය්හං භන්තේ, තස්මිං අම්බවනේ විහරන්තස්ස යේභුය්‍යේන තයෝ පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්‍යථීදං – කාමවිතක්කෝ, බ්‍යාපාදවිතක්කෝ, විහිංසාවිතක්කෝ’ති. තස්ස මය්හං භන්තේ, ඒතදහෝසි – ‘අච්ඡරියං වත භෝ, අබ්භුතං වත භෝ ! සද්ධාය ච වතම්හි අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. අථ ච පනිමේහි තීහි පාපකේහි අකුසලේහි විතක්කේහි අන්වාසත්තා. සෙය්‍යථීදං – කාමවිතක්කේන, බ්‍යාපාදවිතක්කේන, විහිංසාවිතක්කේනා’ති.

ඉතින් ආයුෂ්මත් මේඝිය තෙරුන් හවස් වරුවේ භාවනාවෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුනා. පැත්තකින් වාඩි වුන ආයුෂ්මත් මේඝිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනී, මං ඒ අඹ වනයට ගිහින් භාවනා කරන කොට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පාපී අකුසල් විතර්කයන් පුදුමාකාර විදිහට ඇතිවෙන්න පටන්ගත්තා නෙ. එතකොට ස්වාමීනී, මට මෙහෙම හිතුනා. ‘පින්වත්නි, මේක මහා ආශ්චර්යවත් දෙයක් නෙව. පින්වත්නි, මේක මහා අද්භූත දෙයක් නෙව. මං ගිහි ජීවිතය අත්හැරලා උතුම් පැවිද්දට පත් වුනේ කොයිතරම් ශ්‍රද්ධාවකින්ද. නමුත් දැන් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන පාපී අකුසල විතර්කයන්ගෙන් සිත කැළඹිලා නෙව’ කියලා.”

අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති. කතමේ පඤ්ච? ඉධ මේඝිය, භික්ඛු කල්‍යාණමිත්තෝ හෝති කල්‍යාණසහායෝ කල්‍යාණසම්පවංකෝ. අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

“පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, කරුණු පහක් උපකාර වෙනවා. මොනවාද ඒ පහ?

(01) පින්වත් මේඝිය, මෙහි කල්‍යාණ මිත්‍රයන් ඇති භික්ෂුවක් ඉන්නවා. ඔහුට කල්‍යාණ යහළුවන් ඉන්නවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරට වැටිලා ඉන්නවා. පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ පළවෙනි කරුණ උපකාර වෙනවා.

පුනචපරං මේඝිය, භික්ඛු සීලවා හෝති, පාතිමොක්ඛසංවරසංවුතෝ විහරති ආචාරගෝචරසම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදේසු. අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා අයං දුතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

(02) පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වෙනවා. ඉතා යහපත් ඇවැතුම් පැවතුම්වලින් යුක්ත වෙනවා. ඉතා ස්වල්ප වරදෙහි පවා බිය දකිනවා. ශික්ෂාපදයන් සමාදන් වෙලා හික්මෙනවා. පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ දෙවෙනි කරුණ උපකාර වෙනවා.

පුනචපරං මේඝිය, භික්ඛු යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සෙය්‍යථීදං – අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. ඒවරූපාය කථාය නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා අයං තතියෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

(03) පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. මෙන්න මේ විදිහේ කථාවක් තියෙනවා. ඒ කථාවලින් කෙලෙස් තුනී කරනවා. සමථ විදර්ශනාවලට උපකාර වෙනවා. අවබෝධයෙන් යුතුව කළකිරීම පිණිස උපකාර වෙනවා. විරාගය ඇති වෙනවා. ඇල්ම නිරුද්ධ වෙනවා. සංසිඳීම ඇති වෙනවා. ආර්ය සත්‍යය අවබෝධය ඇති වෙනවා.

මෙන්න මේවා තමයි ඒ කථා. අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස හා එක් නොවී සිටීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව. මෙවැනි උතුම් කථාවන් තමන්ට කැමති පරිද්දෙන් අහන්න ලැබෙනවා. පහසුවෙන් අහන්න ලැබෙනවා. නිතර නිතර අහන්න ලැබෙනවා. පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ තුන්වෙනි කරුණ උපකාර වෙනවා.

පුනචපරං මේඝිය, භික්ඛු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු. අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා අයං චතුත්ථෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

(04) පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. භික්ෂුව පටන් ගත් වීරියෙන්මයි ඉන්නෙ. ලාමක අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, උතුම් කුසල ධර්ම තමා තුළ දියුණු කරගැනීම පිණිස, දැඩි වීරියෙන් යුක්ත වෙනවා. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වෙනවා. කුසල ධර්ම ගැන තියෙන උත්සාහය අත්නොහැර ඉන්නවා. පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ හතරවෙනි කරුණ උපකාර වෙනවා.

පුනචපරං මේඝිය, භික්ඛු පඤ්ඤවා හෝති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා අයං පඤ්චමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති.

(05) පින්වත් මේඝිය, තව කරුණක් තියෙනවා. භික්ෂුව ප්‍රඥාවෙන් යුක්තයි. ආර්ය වූ තියුණු අවබෝධයකින් යුක්තව, මනාකොට දුක් ක්ෂය වෙලා යන ආකාරයට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දැකීමේ ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, මෙන්න මේ පස්වෙනි කරුණත් උපකාර වෙනවා.

අපරිපක්කාය මේඝිය, චේතෝවිමුත්තියා ඉමේ පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති.

පින්වත් මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මේරීම පිණිස, ඔන්න ඔය කරුණු පහ උපකාර වෙනවා.

කල්‍යාණමිත්තස්සේතං මේඝිය, භික්ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස යං සීලවා භවිස්සති, පාතිමොක්ඛසංවරසංවුතෝ විහරිස්සති, ආචාරගෝචරසම්පන්නෝ, අණුමත්තේසු වජ්ජේසු භයදස්සාවී, සමාදාය සික්ඛිස්සති සික්ඛාපදේසු. කල්‍යාණමිත්තස්සේතං මේඝිය, භික්ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස යායං කථා අභිසල්ලේඛිකා චේතෝවිවරණසප්පායා ඒකන්තනිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සෙය්‍යථීදං – අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. ඒවරූපාය කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.

පින්වත් මේඝිය, කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ යහළුවන්ගේ ඇසුර ඇති භික්ෂුව සිල්වත් වෙනවා යන කරුණ කැමති වන්නට ඕන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වීමත්, ඉතා යහපත් ඇවතුම් පැවතුම්වලින් යුක්ත වීමත්, ඉතා ස්වල්ප වරදේ පවා බිය දැකීමත්, සමාදන් වූ ශික්ෂාපද තුළ හික්මීමත් කැමති විය යුතුයි.

පින්වත් මේඝිය, කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ යහළුවන්ගේ ඇසුර ඇති භික්ෂුවට කෙලෙස් තුනී කරන, සමථ විදර්ශනාවට උපකාර වෙන, අවබෝධයෙන් යුතු කළකිරීම පිණිස උපකාරී වන, විරාගය ඇතිකරවන, ඇල්ම නිරුද්ධ වෙන, සංසිඳීම ඇති කරවන, ආර්ය සත්‍යාවබෝධය ඇතිකරවන, නිවන පිණිස පවතින මේ උතුම් කථාවන් කැමති පරිදි අසන්න ලැබීම, පහසුවෙන් අසන්න ලැබීම, නිතර නිතර අසන්න ලැබීම කැමති විය යුතුයි. එනම්, අල්පේච්ඡ ජීවිතය ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, පිරිස හා එක් නොවී සිටීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඤාණ දර්ශනය ගැන කථාව යන මෙයයි.

කල්‍යාණමිත්තස්සේතං මේඝිය, භික්ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස යං ආරද්ධවිරියෝ භවිස්සති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමෝ අනික්ඛිත්තධුරෝ කුසලේසු ධම්මේසු.

පින්වත් මේඝිය, කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ මිතුරන්ගේ අසුරට නැඹුරු වූ භික්ෂුව, පටන් ගත් වීරියෙන් යුක්ත වන්නේය යන කරුණත් කැමති විය යුතුය. පාපී අකුසල් දුරු කිරීම පිණිසත්, කුසල් දහම් රැස් කිරීම පිණිසත්, දැඩි වීර්යයෙන් යුතු බව, දැඩි පරාක්‍රමයෙන් යුතු බව, කුසල් දහම් ගැන අත්නොහළ වීරියෙන් යුතුවීමත් කැමැති විය යුතුයි.

කල්‍යාණමිත්තස්සේතං මේඝිය, භික්ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස යං පඤ්ඤවා භවිස්සති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.

පින්වත් මේඝිය, කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ මිතුරන්ගේ අසුරට නැඹුරු වූ භික්ෂුව, ප්‍රඥාවන්තයෙක් වෙනවා යන කරුණ කැමතිවන්නට ඕන. ආර්ය වූ, තියුණු අවබෝධය ඇතිවන, මනාකොට දුක් ක්ෂය වෙලා යන පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින ප්‍රඥාවෙන් යුක්ත වීම ගැන කැමති වෙන්නට ඕන.

තේන ච පන මේඝිය, භික්ඛුනා ඉමේසු පඤ්චසු ධම්මේසු පතිට්ඨාය චත්තාරෝ ධම්මා උත්තරි භාවේතබ්බා. අසුභා භාවේතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවේතබ්බා බ්‍යාපාදස්ස පහානාය, ආනාපානස්සති භාවේතබ්බා විතක්කුපච්ඡේදාය, අනිච්චසඤ්ඤා භාවේතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනෝ මේඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති, අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති, දිට්ඨේව ධම්මේ නිබ්බාන”න්ති.

පින්වත් මේඝිය, ඔන්න ඔය කරුණු පහ තුළ පිහිටපු භික්ෂුව විසින් තවදුරටත් කරුණු හතරක් ප්‍රගුණ කරන්න ඕන. රාගය ප්‍රහාණය වීමට අසුභ භාවනාව වඩන්න ඕන. තරහ නැති වීමට මෛත්‍රිය වඩන්න ඕන. විතර්ක නැතිකර දැමීමට ආනාපානසතිය වඩන්න ඕන. ‘මම වෙමි’ යන මානය මුලින්ම නැසීමට අනිත්‍ය සඤ්ඤාව වඩන්න ඕන. පින්වත් මේඝිය, අනිත්‍ය සඤ්ඤාව තියෙන කෙනාටයි අනාත්ම සඤ්ඤාව පිහිටන්නෙ. අනාත්ම සඤ්ඤාව තිබෙන කෙනාටයි ‘මම වෙමි’ යන අස්මිමානය මුලින්ම නැතිවෙලා, මේ ජීවිතයේදීම අමා නිවනට පත්වෙන්නේ.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි –

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

ඛුද්දා විතක්කා සුඛුමා විතක්කා
අනුග්ගතා මනසෝ උප්පිලාවා
ඒතේ අවිද්වා මනසෝ විතක්කේ
හුරා හුරං ධාවති භන්තචිත්තෝ.

“ඔය පොඩි පොඩි කල්පනාවල් වුනත්, සියුම් කල්පනාවල් වුනත් සිතට අනුව හැදිලා හිතේ මතු වෙවී තියෙනවා. අවිද්‍යා සහගත කෙනා, හිතේ ඇතිවෙන මේ මනෝ විතර්කයන් තුළින් බිරාන්ත සිත් ඇති කරගන්නවා. අන්තිමේදී මෙලොවින් පරලොවට දුව දුව ඇවිදිනවා.

ඒතේ ච විද්වා මනසෝ විතක්කේ
ආතාපි යෝ සංවරතී සතීමා
අනුග්ගතේ මනසෝ උප්පිලාවේ,
අසේසමේතේ පජහාසි බුද්ධෝ”ති.

නමුත්, විද්‍යාව පහළ කරගත් කෙනා, මේ මනෝ විතර්කයන් ගැන කෙලෙස් තවන වීරියෙන් යුතුව දකිනවා. සිහියෙන් යුක්තව සංවර කරගන්නවා. ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනා හිතේ හටගත්තු හිතේ ඉල්පෙන හැම දෙයක්ම ඉතිරි නැතුව නැති කරලා දානවා.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M