ඛුද්දක නිකාය

උදාන පාළි

2.1. මුචලින්ද සුත්තං

2.1. මුචලින්ද නා රජු අරභයා වදාළ උදානය

ඒවං මේ සුතං: ඒකං සමයං භගවා උරුවේලායං විහරති නජ්ජා නේරඤ්ජරාය තීරේ මුචලින්දමූලේ පඨමාභිසම්බුද්ධෝ. තේන ඛෝ පන සමයේන භගවා සත්තාහං ඒකපල්ලංකේන නිසින්නෝ හෝති, විමුත්තිසුඛපටිසංවේදී.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වී වදාළ අලුත, උරුවෙල් ජනපදයේ නේරංජරා ගං තෙර මුචලින්ද (මිදෙල්ල) රුක් සෙවනේ වැඩසිටියේ. ඉතින් ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් සුව විඳිමින් සතියක් ම එකම පළඟින් වැඩසිටියා.

තේන ඛෝ පන සමයේන මහා අකාලමේඝෝ උදපාදි සත්තාහවද්දලිකා සීතවාතදුද්දිනී. අථ ඛෝ මුචලින්දෝ නාගරාජා සකභවනා නික්ඛමිත්වා භගවතෝ කායං සත්තක්ඛත්තුං භෝගේහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං විහච්ච අට්ඨාසි: “මා භගවන්තං සීතං, මා භගවන්තං උණ්හං, මා භගවන්තං ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෝ”ති.

ඒ දවස්වල හත් දවසක් එක දිගට වහින, සීතල සුළං හමන, නා කපන මහා අකල් වැස්සක් වැස්සා. එතකොට මුචලින්ද නාග රාජයා තමන්ගේ භවනෙන් නික්මිලා ආවා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දරණවැලින් හත් වටක් වෙළා ගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරස් තලයට ඉහළින් මහත් වූ පෙණය විහිදාගෙන සිටියේ ‘භාග්‍යවතුන් වහන්සේට සීතලක් ඇතිවෙන්න එපා! භාග්‍යවතුන් වහන්සේට උණුසුමක් ඇතිවෙන්න එපා! භාග්‍යවතුන් වහන්සේට ලේ බොන මැසි, මදුරු ආදීන්ගෙන්, අව් සුළං, සර්ප ආදීන්ගෙන් නපුරු පහසක් නම් වෙන්න එපා!’ කියලයි.

අථ ඛෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන තම්හා සමාධිම්හා වුට්ඨාසි.

අථ ඛෝ මුචලින්දෝ නාගරාජා විද්ධං විගතවලාහකං දේවං විදිත්වා භගවතෝ කායා භෝගේ විනිවේඨෙත්වා සකවණ්ණං පටිසංහරිත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා භගවතෝ පුරතෝ අට්ඨාසි පඤ්ජලිකෝ භගවන්තං නමස්සමානෝ.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ හත් දවස ගෙවුනට පස්සේ ඒ සමාධියෙන් නැගිට වදාළා. එතකොට මුචලින්ද නාග රාජයා, වැහි වළාකුළු පහවෙලා ගිය පිරිසිදු අහස ඇති බව දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරය වෙළා ගෙන සිටි දරණ වැල ඉවත් කරගත්තා. තමන්ගේ නාග වේශය වෙනස් කරලා තරුණයෙකුගේ වේශයක් මවාගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේ භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන හිටගත්තා.

අථ ඛෝ භගවා ඒතමත්ථං විදිත්වා තායං වේලායං ඉමං උදානං උදානේසි:

ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන, ඒ වෙලාවේ මේ උදානය වදාළා.

සුඛෝ විවේකෝ තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතෝ
අබ්‍යාපජ්ජං සුඛං ලෝකේ පාණභූතේසු සංයමෝ.

“සද්ධර්මය අවබෝධ වීම නිසා ඒ අමා නිවන දකින සතුටු සිත් ඇති රහතන් වහන්සේට ඒ චිත්ත විවේකය හරි සැපයි. කෝප රහිත බව හරි සැපයි. ලෝකයේ සතුන් ගැන අහිංසාව ඇතිවීමත් සැපයි.

සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ
අස්මිමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛන්ති.

මේ ලෝකයේ කාමයන් ඉක්මවා ගිය, විරාගී ධර්මය හරි සැපයි. ‘මම වෙමි’ යන මානයේ යම් දුරුවීමක් වේ නම්, ඒ අරහත්වය තමයි උතුම්ම සැපය.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M