“මහණෙනි, මෛත්‍රී චිත්ත සමාධිය හොඳින් පුරුදු කිරීමෙන්, දියුණු කිරීමෙන්, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්, පහසුවෙන් නැග යා හැකි රථයක් සේ පුරුදු කිරීමෙන්, පහසුවෙන් ලැග සිටිය හැකි තැනක් සේ පුරුදු කිරීමෙන්, මැනැවින් පිහිටුවා ගැනීමෙන්, නැවත නැවත කිරීමෙන්, ප්‍රබල අයුරින් පැවැත්වීමෙන් එකොළොස් ආනිශංසයක් කැමති විය යුත්තේ ය. ඒ කවර එකොළොසක් ද යත්;
සුවසේ නිදයි, සුවසේ අවදිවෙයි. පවිටු සිහින නොදකියි. මිනිසුන් හට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන් හට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නෙන් වේවා, වස විසෙන් වේවා, ආයුධයෙන් වේවා අනතුරු නොවෙයි. ඔහුගේ සිත වහා සමාධිමත් වෙයි. මුහුණෙහි පැහැය වෙසෙසින් පහදවයි. සිහි මුලා නොවී මරණයට පත්වෙයි. මරණයට පෙර යම්කිසි මාර්ගඵල විශේෂයක් ලබාගන්නට නොහැකි වුවහොත් බඹලොව උපදින්නේ වෙයි.
මහණෙනි, මෛත්‍රී චිත්ත සමාධිය හොඳින් පුරුදු කිරීමෙන්, දියුණු කිරීමෙන්, බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන්, පහසුවෙන් නැග යා හැකි රථයක් සේ පුරුදු කිරීමෙන්, පහසුවෙන් ලැග සිටිය හැකි තැනක් සේ පුරුදු කිරීමෙන්, මැනැවින් පිහිටුවා ගැනීමෙන්, නැවත නැවත කිරීමෙන්, ප්‍රබල අයුරින් පැවැත්වීමෙන් මෙම එකොළොස් ආනිශංසයන් කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
මෙත්තානිසංස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M