☰
“මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත උපාසිකාව අවිශාරද ව ගිහි ගෙදර වසන්නී ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;
ප්රාණඝාතය කරන්නී වෙයි, සොරකම් කරන්නී වෙයි, වැරදි කාම සේවනය කරන්නී වෙයි, බොරු කියන්නී වෙයි, කේලාම් කියන්නී වෙයි, දරුණු වචන කියන්නී වෙයි, නිසරු දේ කියන්නී වෙයි, අන් සතු දේට ආසා කරන්නී වෙයි, ද්වේෂ කරන්නී වෙයි, වැරදි දෘෂ්ටියෙන් යුක්ත වන්නී වෙයි.
මෙම කරුණු දහයෙන් සමන්විත උපාසිකාව අවිශාරද ව ගිහි ගෙදර වසන්නී ය.
මෙම කරුණු දහයෙන් සමන්විත උපාසිකාව විශාරද ව ගිහි ගෙදර වසන්නී ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;
ප්රාණඝතයෙන් වැළකුණා වෙයි, සොරකමෙන් වැළකුණා වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකුණා වෙයි, බොරු කීමෙන් වැළකුණා වෙයි, කේලාම් කීමෙන් වැළකුණා වෙයි, දරුණු වචන කීමෙන් වැළකුණා වෙයි, නිසරු දේ කීමෙන් වැළකුණා වෙයි, අන් සතු දේට ආසා නොකරන්නී වෙයි, අද්වේෂය ඇත්තී වෙයි, නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූවා වෙයි.
මෙම කරුණු දහයෙන් සමන්විත උපාසිකාව විශාරද ව ගිහි ගෙදර වසන්නී ය.
සාදු! සාදු!! සාදු!!!
විසාරද සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M