අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.5.1.3. මාතුගාම සුත්තං

10.5.1.3. ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

“මහණෙනි, කරුණු දහයකින් සමන්විත ස්ත්‍රිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නීය. ඒ කවර කරුණු දහයකින් ද යත්;

ප්‍රාණඝාතය කරන්නී වෙයි, සොරකම් කරන්නී වෙයි, වැරදි කාම සේවනය කරන්නී වෙයි, බොරු කියන්නී වෙයි, කේලාම් කියන්නී වෙයි, දරුණු වචන කියන්නී වෙයි, නිසරු දේ කියන්නී වෙයි, අන් සතු දේට ආසා කරන්නී වෙයි, ද්වේෂ කරන්නී වෙයි, වැරදි දෘෂ්ටියෙන් යුක්ත වන්නී වෙයි.

මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත ස්ත්‍රිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නීය.

මහණෙනි, කරුණු දහයකින් සමන්විත ස්ත්‍රිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නීය. ඒ කවර කරුණු දහයකින් ද යත්;

ප්‍රාණඝාතයෙන් වැළකුණා වෙයි, සොරකමෙන් වැළකුණා වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකුණා වෙයි, බොරු කීමෙන් වැළකුණා වෙයි, කේලාම් කීමෙන් වැළකුණා වෙයි, දරුණු වචන කීමෙන් වැළකුණා වෙයි, නිසරු දේ කීමෙන් වැළකුණා වෙයි, අන් සතු දේට ආසා නොකරන්නී වෙයි, අද්වේෂය ඇත්තී වෙයි, නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූවා වෙයි.

මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත ස්ත්‍රිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නීය.

සාදු! සාදු!! සාදු!!!

මාතුගාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M