අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.3.1.12. අසේඛීයධම්ම සුත්තං

10.3.1.12. අසේඛ භික්ෂුවකට අයත් ධර්ම ගැන වදාළ දෙසුම

“මහණෙනි, මෙම දස ධර්මයන් අසේඛ භික්ෂුවකට අයත් ය. ඒ කවර දස ධර්මයක් ද යත්;

හික්මීම අවසන් කරන ලද නිවැරදි දෘෂ්ටිය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි සංකල්පය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි වචන භාවිතය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි කායික ක්‍රියා ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි ජීවිකාව ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි වීර්යය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි සිහිය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, හික්මීම අවසන් කරන ලද නිවැරදි ඥානය ය, හික්මීම අවසන් කරන නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙම දස ධර්මයන් අසේඛ භික්ෂුවකට අයත් ය.”

සාදු! සාදු!! සාදු!!!

අසේඛිය ධම්ම සූත්‍රය නිමා විය.

පළමුවෙනි සමණසඤ්ඤා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සංඥා සූත්‍රය, බොජ්ඣංග සූත්‍රය, මිච්ඡත්ත සූත්‍රය, බීජ සූත්‍රය, විජ්ජා සූත්‍රය, නිජ්ජරා සූත්‍රය, ධෝවන සූත්‍රය, තිකිච්ඡා සූත්‍ර දෙක, නිද්ධමන සූත්‍රය, අසේඛ සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M