මහණෙනි, මේ කසළ පිටකිරීම් දහයකි. ඒ කවර දසයක් ද යත්;
මහණෙනි, නිවැරදි දෘෂ්ටිය ඇත්තහු විසින් වැරදි දෘෂ්ටිය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද පිට කරන ලද්දේ වෙයි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
මහණෙනි, නිවැරදි සංකල්ප ඇත්තහු විසින් වැරදි සංකල්ප නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි වචන භාවිතය ඇත්තහු විසින් වැරදි වචන භාවිතය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි කායික ක්‍රියා ඇත්තහු විසින් වැරදි කායික ක්‍රියා නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ජීවිකාව ඇත්තහු විසින් වැරදි ජීවිකාව නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි උත්සාහය ඇත්තහු විසින් වැරදි උත්සාහය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි සිහිය ඇත්තහු විසින් වැරදි සිහිය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි චිත්තේකාග්‍රතාව ඇත්තහු විසින් වැරදි චිත්තේකාග්‍රතාව නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි ඥානය ඇත්තහු විසින් වැරදි ඥානය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. ….(පෙ)…. මහණෙනි, නිවැරදි විමුක්තිය ඇත්තහු විසින් වැරදි විමුක්තිය නම් කසළ පිට කරන ලද්දේ වෙයි. වැරදි විමුක්තිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු විසින් ඒවා ද පිට කරන ලද්දේ වෙයි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
මහණෙනි, මේවා වනාහී කසළ පිටකිරීම් දසය යි.”
සාදු! සාදු!! සාදු!!!
නිද්ධමනිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M