☰
මහණෙනි, මේ දස ධර්මයන් අත්නොහැර අරහත්වය සාක්ෂාත් කිරීමට නොහැකි ය. ඒ කවර දසයක් ද යත්;
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුබව, එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, මසුරු බව හා මානයයි. මහණෙනි, ඔය දස ධර්මයන් අත්නොහැර අරහත්වය සාක්ෂාත් කිරීමට නොහැකි ය.
මහණෙනි, මේ දස ධර්මයන් අත්හැර අරහත්වය සාක්ෂාත් කිරීමට හැකි ය. ඒ කවර දසයක් ද යත්;
රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුබව, එකට එක කිරීම, ඊර්ෂ්‍යාව, මසුරු බව හා මානයයි. මහණෙනි, ඔය දස ධර්මයන් අත්හැර අරහත්වය සාක්ෂාත් කිරීමට හැකි ය.
සාදු! සාදු!! සාදු!!!
භබ්බාභබ්බ සූත්‍රය නිමා විය.
පස්වෙනි උපාලි වර්ගය අවසන් විය.
දෙවෙනි පණ්ණාසකය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි :
කාමභෝගී සූත්‍රය, වේර සූත්‍රය, දිට්ඨි සූත්‍රය, වජ්ජීයමාහිත සූත්‍රය, උත්තිය සූත්‍රය, කෝකනද සූත්‍රය, ආහුනෙය්‍ය සූත්‍රය, ථේර සූත්‍රය, උපාලි සූත්‍රය සහ අභබ්බ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M