සැවැත් නුවර දී ය ………..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සාරිපුත්තය, යම් බලයන්ගෙන් යුක්ත වූ ක්ෂීණාශ්රව රහත් භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ’යි ආශ්‍රව ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි ද, ඒ ක්ෂීණාශ්රව භික්ෂුවගේ කොපමණ බල ඇද්ද?”
“ස්වාමීනී, යම් බලයන්ගෙන් යුක්ත වූ ක්ෂීණාශ්රව රහත් භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ’යි ආශ්‍රව ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි ද, ඒ ක්ෂීණාශ්රව භික්ෂුව බල දසයකින් යුක්ත ය. ඒ කවර බල දසයක් ද යත්;
1. ස්වාමීනී, මෙහිලා ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දේ වෙයි. ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දේ වෙයි යන යම් කරුණක් ඇද්ද, ස්වාමීනී, යම් බලයකට පැමිණි ක්ෂීණාශ්රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ’ යැයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම්, මෙය ද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයකි.
2. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වළකට උපමා කොට ඇත්තාහු ය යන්න ඒ වූ සැටියෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය. ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වළකට උපමා කොට ඇත්තාහු ය යන්න ඒ වූ සැටියෙන් ම දියුණු කළ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය යන යම් කරුණක් ඇද්ද, ස්වාමීනී, යම් බලයකට පැමිණි ක්ෂීණාශ්රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ’ යැයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම්, මෙය ද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයකි.
3. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව ගේ සිත ආශ්‍රවයන්ට හිත වූ සකල විධ කරුණෙන් දුරු වූයේ, විවේකයට නැඹුරු වූයේ වෙයි. විවේකයෙහි බැසගත්තේ වෙයි. විවේකය වෙත ම ඇදුණේ වෙයි. කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙයි. නෙක්ඛම්මයෙහි ඇලුණේ වෙයි. ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව ගේ සිත ආශ්‍රවයන්ට හිත වූ සකල විධ කරුණෙන් දුරු වූයේ, විවේකයට නැඹුරු වූයේ වෙයි. විවේකයෙහි බැසගත්තේ වෙයි. විවේකය වෙත ම ඇදුණේ වෙයි. කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙයි. නෙක්ඛම්මයෙහි ඇලුණේ වෙයි යන යම් කරුණක් ඇද්ද, ස්වාමීනී, යම් බලයකට පැමිණි ක්ෂීණාශ්රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ යැයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම්, මෙය ද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයකි.
4. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය යන යම් කරුණක් ඇද්ද, ස්වාමීනී, යම් බලයකට පැමිණි ක්ෂීණාශ්රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ යැයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම්, මෙය ද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයකි.
5.-10 තව ද ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් සතර සම්‍යක් පධානයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ….(පෙ)…. සතර ඉර්ධිපාදයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ….(පෙ)…. පංච ඉන්ද්රිය ධර්මයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ….(පෙ)…. පංච බල ධර්මයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ….(පෙ)…. සප්ත බොජ්ඣංග ධර්මයන් දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ….(පෙ)…. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය. ස්වාමීනී, ක්ෂීණාශ්රව රහත් භික්ෂුව විසින් ආර්ය
අෂ්ටාංගික මාර්ගය දියුණු කරන ලද්දේ ය. මැනැවින් දියුණු කරන ලද්දේ ය යන යම් කරුණක් ඇද්ද, ස්වාමීනී, යම් බලයකට පැමිණි ක්ෂීණාශ්රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ යැයි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම්, මෙය ද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයකි.
ස්වාමීනී, යම් බලයන්ගෙන් යුක්ත වූ ක්ෂීණාශ්රව රහත් භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ඇත්තාහ’යි ආශ්‍රව ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි ද, ඒ ක්ෂීණාශ්රව භික්ෂුව තුළ තිබෙන්නේ මෙම දස බලයන් ය.”
සාදු! සාදු!! සාදු!!!
ඛීණාසව බල සූත්‍රය නිමා විය.
සිව්වෙනි ථේර වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බාහුන සූත්‍රය, ආනන්ද සූත්‍රය, පුණ්ණිය සූත්‍රය, බ්යාකරණ සූත්‍රය, කත්ථි සූත්‍රය, අඤ්ඤා සූත්‍රය, අධිමාන සූත්‍රය, අධිකරණ සූත්‍රය, කෝකාලික සූත්‍රය, බල සූත්‍රය ය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M