සැවැත් නුවර දී ය ………..
“මහණෙනි, මෙහිලා ඔබ මෙසේ හික්මිය යුත්තේ ය. ‘පැවිද්දෙකුට මැනැවින් ගැලපෙන අයුරින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. උපන් පාපී අකුසල් දහම් අපගේ සිත යටකොට නොසිටින්නේ ය. අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. අනාත්ම සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. ආදීනව සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. ලෝකයෙහි සම බව ත්, විෂම බව ත් දැන ඒ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. ලෝකයෙහි හටගැනීම ත්, නැතිවීම ත් දැන ඒ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. ප්‍රහාණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. විරාග සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය. නිරෝධ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් අපට වන්නේ ය.’ ඔබ හික්මිය යුත්තේ ඔය අයුරින් ය.
යම් කලෙක මහණෙනි, භික්ෂුව හට පැවිද්දෙකුට මැනැවින් ගැලපෙන අයුරින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, උපන් පාපී අකුසල් දහම් සිත යටකොට නොසිටින්නේ වෙයි ද, අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, අනාත්ම සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, ආදීනව සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, ලෝකයෙහි සම බව ත්, විෂම බව ත් දැන ඒ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, ලෝකයෙහි හටගැනීම ත්, නැතිවීම ත් දැන ඒ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, ප්‍රහාණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, විරාග සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, නිරෝධ සංඥාව මැනැවින් පුරුදු කළ සිතක් ඇත්තේ වෙයි ද, ඒ භික්ෂුවට මේ ජීවිතයේ දී ම අරහත්වය හෝ කෙලෙස් ඇති කල්හී අනාගාමී බව හෝ යන මේ දෙවැදෑරුම් ඵලයන් ගෙන් එක්තරා ඵලයක් කැමති විය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
පබ්බජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M