සැවැත් නුවර දී ය ………..
“ස්වාමීනී, ‘සංඝසාමග්රිය, සංඝසාමග්රිය’ යැයි කියනු ලැබේ. කවර කරුණු මත සංඝයා සමගි වන්නේ වෙයිද?”
“උපාලි, මෙහිලා භික්ෂුව (1) අධර්මය අධර්මය වශයෙන් පෙන්වයි. (2) ධර්මය ධර්මය වශයෙන් පෙන්වයි. (3) අවිනය අවිනය වශයෙන් පෙන්වයි. (4) විනය විනය වශයෙන් පෙන්වයි. (5) තථාගතයන් විසින් නොපැවසූ, නොකියූ දෙය තථාගතයන් විසින් නොපවසන ලද්දේ ය, නොකියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (6) තථාගතයන් විසින් පැවසූ, කියූ දෙය තථාගතයන් විසින් පවසන ලද්දේ ය, කියන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (7) තථාගතයන් විසින් පුරුදු නොකරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු නොකරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (8) තථාගතයන් විසින් පුරුදු කරන ලද දෙය තථාගතයන් විසින් පුරුදු කරන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (9) තථාගතයන් විසින් නොපණවන ලද දෙය තථාගතයන් විසින් නොපණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි. (10) තථාගතයන් විසින් පණවන ලද දෙය තථාගතයන් විසින් පණවන ලද්දේ ය වශයෙන් පෙන්වයි.
ඔවුහු මෙම දස කරුණෙන් සංඝයා තමා වටා රැස් නොකරත්. විශේෂයෙන් රැස් නොකරත්. වෙන් වෙන් ව කර්ම නොකරත්. වෙන් වෙන් ව ප්රාතිමෝක්ෂය නොඋදෙසත්. උපාලි මෙපමණකින් සංඝසාමග්රිය වූයේ වෙයි.”
සාදු! සාදු!! සාදු!!!
සංඝසාමග්ගි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M