සැවැත් නුවර දී ය ………..
“ස්වාමීනී, තමා ඇසුරේ සංඝයා රඳවා ගනු ලබන භික්ෂුව කොතෙක් ධර්මයන්ගෙන් සමන්විත විය යුතුද?”
“උපාලි, දස ධර්මයකින් සමන්විත වූ භික්ෂුව විසින් තමා ඇසුරේ සංඝයා රඳවා ගත යුත්තේ ය. ඒ කවර දස ධර්මයක් ද යත්;
1. උපාලි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි.
2. බොහෝ ඇසූ පිරූ ධර්මය ඇත්තේ වෙයි. ….(පෙ)…. අවබෝධය ඇති කරගන්නා ලද්දේ වෙයි.
3. ඔහු විසින් ප්‍රාතිමෝක්ෂය විස්තර වශයෙන් මැනැවින් ගන්නා ලද්දේ වෙයි. එහිලා සූත්‍ර වශයෙන් ද, අනුව්‍යංජන වශයෙන් ද මැනැවින් බෙදන ලද්දේ වෙයි. මැනැවින් පවත්වන ලද්දේ වෙයි. මැනැවින් විනිශ්චය කරන ලද්දේ වෙයි.
4. ගිලනුන් හට උවටැන් කිරීමට හෝ උවටැන් කැරවීමට හෝ ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
5. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා අරතිය දුරු කිරීමට හෝ දුරු කැරවීමට හෝ ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
6. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා සැකය ධර්මය තුළින් දුරු කරන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
7. තම අන්තේවාසිකයාගේ සිතෙහි හටගන්නා දෘෂ්ටීන් ධර්මය තුළින් ඉවත් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
8. අධිසීලයෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
9. අධිචිත්තයෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
10. අධිප්‍රඥායෙහි සමාදන් කරවන්නට ප්‍රතිබල සම්පන්න වූයේ වෙයි.
උපාලි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව විසින් තමා ඇසුරේ සංඝයා රඳවා ගත යුත්තේ ය.”
සාදු! සාදු!! සාදු!!!
නිස්සය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M