අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.3.5. කසිණ සුත්තං

10.1.3.5. කසිණ ගැන වදාළ දෙසුම

මහණෙනි, කසිණ යනුවෙන් මේ ආයතන දහයක් තිබේ. ඒ කවර දසයක් ද යත්;

කෙනෙක් උඩ යට සරස දෙවෙනි දෙයක් නැතිව ප්‍රමාණ රහිත වූ පඨවි කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. ආපෝ කසිණය හඳුනා ගනියි. කෙනෙක් ….(පෙ)…. තේජෝ කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. වායෝ කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. නිල් පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. කහ පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. රතු පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. සුදු පැහැයෙන් යුතු කසිණය හඳුනාගනියි. කෙනෙක් ….(පෙ)…. ආකාස කසිණය හඳුනාගනියි. කෙනෙක් උඩ යට සරස දෙවෙනි දෙයක් නැතිව ප්‍රමාණ රහිත වූ විඤ්ඤාණ කසිණය හඳුනාගනියි. මහණෙනි, මේවා වනාහී දසයක් වූ කසිණ ආයතනයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

කසිණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M