☰
“මහණෙනි, මෙම පුද්ගලයෝ දස දෙනා දන් පැන් පිදීමට සුදුසු වෙති. ආගන්තුක සත්කාරයට සුදුසු වෙති. පින් රැස්කරගැනීම පිණිස කරන උපස්ථාන ලැබීමට සුදුසු වෙති. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙති. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වේ.
ඒ කවර දස දෙනෙක් ද යත්; තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝ ය, පච්චේක බුදුරජාණෝ ය, උභතෝභාග විමුත්ත පුද්ගලයා ය, ප්‍රඥාවිමුත්ත පුද්ගලයා ය, කායසක්ඛී පුද්ගලයා ය, දිට්ඨිප්පත්ත පුද්ගලයා ය, සද්ධාවිමුත්ත පුද්ගලයා ය, ධම්මානුසාරී පුද්ගලයා ය, සද්ධානුසාරී පුද්ගලයා ය, ගෝත්‍රභූ (සිල්වත්, කලණගුණදම් ඇති සාමාන්‍ය භික්ෂුව නම් වූ) පුද්ගලයා ය.
මහණෙනි, දන් පැන් පිදීමට සුදුසු වන්නා වූත්, ආගන්තුක සත්කාරයට සුදුසු වන්නා වූත්, පින් රැස්කරගැනීම පිණිස කරන උපස්ථාන ලැබීමට සුදුසු වන්නා වූත්, වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන්නා වූත්, ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වන්නා වූත් පුද්ගලයෝ දස දෙනා මොවුහු ය.”
සාදු! සාදු!! සාදු!!!
ආහුනෙය්‍ය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M