☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ වෛර බැඳීමට මුල් වෙන කරුණු නවයකි. ඒ කවර නවයක් ද යත්;
පෙර මට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.
පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.
පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.
මහණෙනි, මේ වනාහී වෛර බැඳීමට මුල් වෙන කරුණු නවය යි.
සාදු! සාදු!! සාදු!!!
ආඝාතවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M