සැවැත් නුවර දී ය …….
මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට යම් විටෙක භය වෛර ඇතිවෙන කරුණු පහ සංසිඳී ඇද්ද, සෝතාපත්ති අංග සතරින් යුක්ත වෙයි ද, ඔහු කැමති නම්, තමා ම තමා ගැන මෙසේ පැවසිය හැකිය. ‘මම නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගතියට නොවැටෙන ස්වභාවයෙන් යුතු කෙනෙක්මි. නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.
සංසිඳුණා වූ ඒ භය වෛර ඇතිවන කරුණු පහ මොනවාද? ….(පෙ)…. මෙම භය වෛර ඇතිවන පස් කරුණ සංසිඳුණේ වෙයි.
කවර වූ සෝතාපත්ති අංග සතරකින් සමන්විත වෙයිද? ….(පෙ)…. මෙම සෝතාපත්ති අංග සතරෙන් සමන්විත වූයේ වෙයි.
මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට යම් විටෙක මෙම භය වෛර ඇතිවෙන කරුණු පහ සංසිඳී ඇද්ද, මෙම සෝතාපත්ති අංග සතරින් යුක්ත වෙයි ද, ඔහු කැමති නම්, තමා ම තමා ගැන මෙසේ පැවසිය හැකිය. ‘මම නිරයෙන් මිදුණු කෙනෙක්මි. තිරිසන් අපායෙන් මිදුණු කෙනෙක්මි. ප්‍රේත විෂයෙන් මිදුණු කෙනෙක්මි. අපාය දුර්ගතියට නොවැටෙන ස්වභාවයෙන් යුතු කෙනෙක්මි. නියත වශයෙන් නිවන පිහිට කොට ඇති සෝවාන් වූ කෙනෙක්මි’ යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය වේර භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M