අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.1.9. පුග්ගල සුත්තං

9.1.1.9. පුද්ගලයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර නව දෙනෙක් ද යත්, රහතන් වහන්සේ ය, රහත් මගට පිළිපන් පුද්ගලයා ය, අනාගාමී පුද්ගලයා ය, අනාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, සකදාගාමී පුද්ගලයා ය, සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, සෝවාන් පුද්ගලයා ය, සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, පෘථග්ජනයා ය.

මහණෙනි, මේ වනාහී ලෝකයෙහි විද්‍යමාන ව සිටින පුද්ගලයෝ නව දෙනා ය.

සාදු! සාදු!! සාදු!!!

පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M