☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙනෙක් ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය, ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙති. ඒ කවර නව දෙනෙක් ද යත්, රහතන් වහන්සේ ය, රහත් මගට පිළිපන් පුද්ගලයා ය, අනාගාමී පුද්ගලයා ය, අනාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, සකදාගාමී පුද්ගලයා ය, සකදාගාමී ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, සෝවාන් පුද්ගලයා ය, සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන් පුද්ගලයා ය, ගෝත්‍රභූ පුද්ගලයා ය.
මහණෙනි, මේ පුද්ගලයෝ නව දෙනා ආහුනෙය්‍ය, පාහුනෙය්‍ය, දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය, ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙති.
සාදු! සාදු!! සාදු!!!
ආහුනෙය්යපුග්ගල සූත්‍රය නිමා විය.
පළමුවෙනි සම්බෝධි වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සම්බෝධි සූත්‍රය, නිස්සය සූත්‍රය, මේඝිය සූත්‍රය, නන්දක සූත්‍රය, බල සූත්‍රය, සේවිතබ්බාසේවිතබ්බ සූත්‍රය, සුතවා සූත්‍රය, සජ්ඣ සූත්‍රය, පුග්ගල සූත්‍රය සහ ආහුනෙය්‍ය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M