☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු අට ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු අටක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම, අනවශ්‍ය කථාවෙහි ඇලී සිටීම, නින්දෙහි ඇලී සිටීම, පිරිස සමඟ ඇලී සිටීම, ඉන්ද්රියයන්හි නොවැසූ දොරටු ඇති බව, වළඳන ආහාරයෙහි අර්ථය නොදන්නා බව, කෙලෙස් ඇතිවෙන කරුණු සමඟ එක් වී සිටීම, කෙලෙස් ඇතිවෙන සිතුවිලි සිතමින් සිටීම.
මහණෙනි, මේ කරුණු අට ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පිරිහීම පිණිස පවතියි.
මහණෙනි, මේ කරුණු අට ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි. ඒ කවර කරුණු අටක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී නොසිටීම, අනවශ්‍ය කථාවෙහි ඇලී නොසිටීම, නින්දෙහි ඇලී නොසිටීම, පිරිස සමඟ ඇලී නොසිටීම, ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇති බව, වළඳන ආහාරයෙහි අර්ථය දන්නා බව, කෙලෙස් ඇතිවෙන කරුණු සමඟ එක් වී නොසිටීම, කෙලෙස් ඇතිවෙන සිතුවිලි සිතමින් නොසිටීම.
මහණෙනි, මේ කරුණු අට ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.
සාදු! සාදු!! සාදු!!!
සේඛපරිහානිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M