එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් වාසෙට්ඨ උපාසකට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“වාසෙට්ඨයෙනි, අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. ….(පෙ)…. නින්දා නැති ස්වර්ගයට යන්නාහු ය.”
මෙසේ වදාළ කල්හී වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මාගේ ප්‍රිය ලේ ඥාතීහු මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය මාගේ ප්‍රිය වූ ලේ ඥාතීන් හට ද බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.
ස්වාමීනී, සියළුම ක්ෂත්රියයෝ ත්, මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය සියළුම ක්ෂත්රියයන් හට ද බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.
ස්වාමීනී, සියළුම බ්‍රාහ්මණයෝ ත්, ….(පෙ)…. වෛශ්‍යයෝ ….(පෙ)…. ශුද්‍රයෝ මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය සියළුම ශුද්‍රයන් හට ද බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.”
“වාසෙට්ඨයෙනි, එය එසේ ම ය. වාසෙට්ඨයෙනි, එය එසේ ම ය. ඉදින් වාසෙට්ඨයෙනි, සියළුම ක්ෂත්රියයෝ ත්, මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය සියළුම ක්ෂත්රියයන් හට ද බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය. වාසෙට්ඨයෙනි, සියළුම බ්‍රාහ්මණයෝ ත්, ….(පෙ)…. වෛශ්‍යයෝ ….(පෙ)…. ශුද්‍රයෝ මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය සියළුම ශුද්‍රයන් හට ද බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය. වාසෙට්ඨයෙනි, ඉදින් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු සියළු ලෝකයා මේ අට්ඨාංග උපෝසථය සමාදන් ව රකිත් නම්, එය දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු සියළු ලෝකයා හට බොහෝ කල් හිත සුව පිණිස වන්නේ ය.
වාසෙට්ඨයෙනි, මේ මහා සාල වෘක්ෂයෝ අෂ්ටාංග උපෝසථය සමාදන් වෙන්නට හැකි වෙත් නම්, එය මේ මහා සාල වෘක්ෂයන්ට ද බොහෝ කල් හිත සුව පිණිස පවතිනු ඇත. මනුෂ්‍ය වූ පුද්ගලයන් ගැන කවර කථා ද?”
සාදු! සාදු!! සාදු!!!
වාසෙට්ඨූපෝසථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M