අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.4.3. දානවත්ථු සුත්තං

8.1.4.3. දානයට මුල්වෙන කරුණු ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ දානයට මුල්වෙන කරුණු අටකි. ඒ කවර අටක් ද යත්;

කැමැත්ත නිසා දන් දෙයි. ද්වේෂය නිසා ත් දන් දෙයි. මෝහය නිසා ත් දන් දෙයි. ගැරහීමට බියෙනුත් දන් දෙයි. ‘මාගේ පියා, මුතුන් මිත්තන් විසින් එකල දන් දෙන ලදී. එකල පින් කරන ලදී. ඒ පැරණි කුල සිරිත් පිරිහෙලන්නට නුසුදුසු වෙමි’ යි දන් දෙයි. ‘මම මේ දානය දී කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නෙමි’ යි දන් දෙයි. ‘මම මේ දානය දෙන විට සිත පැහැදෙයි. සිතට සතුට ඇති වෙයි. සොම්නස උපදියි’ කියා දන් දෙයි. සමථ විදර්ශනා භාවනාවට උපකාරය පිණිස, සිතෙහි අලංකාරය උදෙසා දන් දෙයි.

මහණෙනි, මේ වනාහී දානයට මුල්වන කරුණු අට යි.

සාදු! සාදු!! සාදු!!!

දානවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M