☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සප්ත ධර්මයකින් සමන්විත වූ භික්ෂුව වැඩිකල් නොයා ම ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරන්නේ ය. ඒ කවර ධර්ම සතකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සැදැහැවත් වෙයි. සිල්වත් වෙයි. බහුශ්‍රැත වෙයි. භාවනාවෙහි යෙදෙන්නේ වෙයි. අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. සිහි ඇත්තේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, මේ සප්ත ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව වැඩිකල් නොයා ම ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
සත්තධම්ම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M