අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.4.6. භික්ඛු මිත්ත සුත්තං

7.1.4.6. මිත්‍ර භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, කරුණු සතකින් සමන්විත වූ මිත්‍ර භික්ෂුව තමා ව බැහැරට එළවන්නේ නමුත් ඇසුරු කළ යුත්තේ ය. භජනය කළ යුත්තේ ය. පයිරුපාසන කළ යුත්තේ ය. ඒ කවර කරුණු සතකින් ද යත්;

ප්‍රිය වූයේ ද වෙයි. මනාප වූයේ ද වෙයි. ගරු කටයුතු ද වෙයි. සම්භාවනීය ද වෙයි. පිළිගත හැකි වචන කියන්නේ ද වෙයි. අනුන්ගේ වචන ඉවසන්නේ ද වෙයි. ගැඹුරු ධර්ම කථාව කරන්නේ ද වෙයි. කෙනෙකු ව නොමගට නොයොදවන්නේ ද වෙයි.

මහණෙනි, මේ කරුණු සතෙන් සමන්විත වූ මිත්‍ර භික්ෂුව තමා ව බැහැරට එළවන්නේ නමුත් ඇසුරු කළ යුත්තේ ය. භජනය කළ යුත්තේ ය. පයිරුපාසන කළ යුත්තේ ය.

(ගාථා)

1. ප්‍රිය වූයේ ත්, ගරු කටයුතු වූයේ ත්, සම්භාවනීය වූයේ ත්, වචනයෙහි දක්ෂ වූයේ ත්, වචන ඉවසන්නේ ත්, ගැඹුරු කථා පවසන්නේ ත්, නොමගට නොයොදවන්නේ ත් වෙයි ද,

2.මෙහිලා යම් පුද්ගලයෙකු කෙරෙහි මේ ලක්ෂණයන් දකින්නට ලැබෙයි නම් හේ මිතුරෙකි. යහපත කැමත්තාට අනුකම්පා කරන එබඳු මිත්‍රයා නෙරපනු ලැබුව ද, මිත්‍රයෙකු කැමති තැනැත්තා විසින් ඇසුරු කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

භික්ඛු මිත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M