☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට සප්ත අපරිහානීය ධර්මයන් දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. මහණෙනි, ඒ සප්ත අපරිහානීය ධර්මයෝ මොනවා ද?
මහණෙනි, යම්තාක් භික්ෂූහු සැදැහැවත් වන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ. මහණෙනි, යම්තාක් භික්ෂූහු පවට ලැජ්ජාව ඇති වන්නාහු ද, ….(පෙ)…. පවට භය ඇති වන්නාහු ද, ….(පෙ)…. බහුශ්‍රැත වන්නාහු ද, ….(පෙ)…. අරඹන ලද වීරිය ඇත්තෝ වන්නාහු ද, ….(පෙ)…. සිහි ඇත්තෝ වන්නාහු ද, ….(පෙ)…. ප්‍රඥාවන්තයෝ වන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ.
මහණෙනි, යම්තාක් කල් භික්ෂූන් තුළ මේ සප්ත අපරිහානීය ධර්මයෝ පවතිත් ද, මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ ත්, භික්ෂූහු දකින්නට ලැබෙත් ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය භික්ඛු අපරිහානීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M