සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව හිමාල පර්වතරාජයා බිඳලන්නේ ය. ලාමක වූ අවිද්‍යාව බිඳීම ගැන කවර කථා ද? ඒ කවර කරුණු සයකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සමාධියට සමවැදීමෙහි දක්ෂ වෙයි. සමාධිය පවත්වාගැනීමෙහි දක්ෂ වෙයි. සමාධියෙන් නැගී සිටීමෙහි දක්ෂ වෙයි. සමාධි සිත බබලවන්නට දක්ෂ වෙයි. සමාධියට ගැලපෙන අරමුණු පැවැත්වීමෙහි දක්ෂ වෙයි. මතු මත්තෙහි සමාධිය දියුණු වන අයුරින් ධ්‍යානයන්ට සමවැදීමෙහි දක්ෂ වෙයි.
මහණෙනි, මේ සය කරුණින් සමන්විත වූ භික්ෂුව හිමාල පර්වතරාජයා බිඳලන්නේ ය. ලාමක වූ අවිද්‍යාව බිඳීම ගැන කවර කථා ද?
සාදු! සාදු!! සාදු!!!
හිමවන්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M