අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.2.10. මධුරා සුත්තං

5.5.2.10. මධුරා නගරය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මධුරා නගරයෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්; විෂම වූයේ ය. බොහෝ දුහුවිලි ඇත්තේ ය. සැඩ සුනඛයෝ ඇත්තාහු ය. දරුණු යක්ෂයෝ ඇත්තාහු ය. පිණ්ඩපාතය දුර්ලභ වෙයි. මහණෙනි, මේ වනාහී මධුරා නගරයෙහි ආදීනව පස යි.

සාදු! සාදු!! සාදු!!!

අග්ගි සූත්‍රය නිමා විය.

දෙවෙනි අක්කෝසක වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

අක්කෝසක සූත්‍රය, භණ්ඩන සූත්‍රය, සීල සූත්‍රය, බහුභාණී සූත්‍රය, අක්ඛන්ති සූත්‍ර දෙක, අපාසාදික සූත්‍ර දෙක, අග්ගි සූත්‍රය සහ මධුරා සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M