අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.2. ධම්මසවණ සුත්තං

5.5.1.2. ධර්ම ශ්‍රවණය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;

නොඇසූ දේ අසන්නේ ය. ඇසූ දෙය වඩා ත් පැහැදිලි වන්නේ ය. සැක දුරු වන්නේ ය. දෘෂ්ටිය ඍජු වන්නේ ය. ඔහුගේ සිත පහදින්නේ ය.

මහණෙනි, මේ වනාහී ධර්ම ශ්‍රවණයෙහි අනුසස් පස යි.

සාදු! සාදු!! සාදු!!!

ධම්මසවණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M