අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.4.1.10. දුප්පටිවිනෝදය සුත්තං

5.4.1.10. දුක සේ දුරු කළ යුතු දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, උපන්නා වූ මේ පස් කරුණ දුක සේ දුරු කළ යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;

උපන්නා වූ රාගය දුක සේ දුරු කළ යුත්තේ ය. උපන්නා වූ ද්වේෂය දුක සේ දුරු කළ යුත්තේ ය. උපන්නා වූ මෝහය දුක සේ දුරු කළ යුත්තේ ය. උපන්නා වූ ප්‍රතිභානය දුක සේ දුරු කළ යුත්තේ ය. උපන්නා වූ ඇවිදින්නට ආසා කරන සිත දුක සේ දුරු කළ යුත්තේ ය.

මහණෙනි, උපන්නා වූ මේ පස් කරුණ දුක සේ දුරු කළ යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුප්පටිවිනෝදය සූත්‍රය නිමා විය.

පළමුවෙනි සද්ධම්ම වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

සම්මත්තනියාම සූත්‍ර තුන, සද්ධම්ම සම්මෝස සූත්‍ර තුන, දුක්කථා සූත්‍රය, සාරජ්ජ සූත්‍රය, උදායි සූත්‍රය සහ දුප්පටිවිනෝදය සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M