අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.7. අප්පංසුපති සුත්තං

5.3.4.7. අල්ප නින්ද ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පස් දෙනා රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනිති. බොහෝ කොට නිදිවරති. ඒ කවර පස් දෙනෙක් ද යත්;

මහණෙනි, පුරුෂයා කෙරෙහි අපේක්ෂා ඇති ස්ත්‍රිය රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනියි. බහුල වශයෙන් නිදි වරයි. මහණෙනි, ස්ත්‍රිය කෙරෙහි අපේක්ෂා ඇති පුරුෂයා රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනියි. බහුල වශයෙන් නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැනීමෙහි අපේක්ෂා ඇති සොරා රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනියි. බහුල වශයෙන් නිදි වරයි. මහණෙනි, රාජකෘත්‍යයෙහි යෙදුනු රජු රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනියි. බහුල වශයෙන් නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් නිදහස් වීමෙහි අපේක්ෂා ඇති භික්ෂුව රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනියි. බහුල වශයෙන් නිදි වරයි.

මහණෙනි, මේ පස් දෙනා රාත්‍රියෙහි සුළු වෙලාවක් නිදාගනිති. බොහෝ කොට නිදිවරති.

සාදු! සාදු!! සාදු!!!

අප්පංසුපති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M