සැවැත් නුවර දී ය …..
මහණෙනි, සක්විති රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා පස් කරුණකින් සමන්විත වූයේ තම පියරජු විසින් පවත්වන ලද ආඥා චක්‍රය ධර්මයෙන් ම පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ සතුරු ප්රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය. ඒ කවර පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා සක්විති රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කරුණු කාරණාවන්හි අරුත් දන්නේ වෙයි. රාජ ප්රවේණි ධර්මය දන්නේ වෙයි. රාජ කෘත්‍යයෙහි පමණ දන්නේ වෙයි. කාලය දන්නේ වෙයි. පිරිස් පරිහරණය දන්නේ වෙයි.
මහණෙනි, සක්විති රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මේ පස් කරුණෙන් සමන්විත වූයේ තම පියරජු විසින් පවත්වන ලද ආඥා චක්‍රය ධර්මයෙන් ම පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ සතුරු ප්රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.
එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාරිපුත්තයෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රවර්තනය කරන ලද අනුත්තර වූ ධර්මචක්රය මනාකොට ප්‍රවර්තනය කරති. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය. ඒ කවර පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා සාරිපුත්තයෝ අර්ථය දන්නාහු ය. ධර්මය දන්නාහුය. පමණ දන්නාහුය. කාලය දන්නාහුය. පිරිස දන්නාහුය.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ සාරිපුත්තයෝ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රවර්තනය කරන ලද අනුත්තර වූ ධර්මචක්රය මනාකොට ප්‍රවර්තනය කරති. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය චක්කානුවත්තන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M