සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ගිලානෝපස්ථායකයා ගිලානෝපස්ථානයට නුසුදුසු වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
බෙහෙත් පිළියෙල කරන්නට ප්‍රතිබල නොවෙයි. රෝගයට හිත අහිත දේ ගැන නොදන්නේ වෙයි, රෝගයට අහිත දේ දෙන්නේ වෙයි, රෝගයට හිත දේ ඉවත් කරන්නේ වෙයි. මෙත් සිතින් තොර වූයේ ලාභාපේක්ෂාවෙන් ගිලනාට උපස්ථාන කරන්නේ වෙයි. රෝගියාගේ මල හෝ මූත්‍රා හෝ වමනය හෝ කෙළ හෝ බැහැර කරන්නට පිළිකුල් ඇත්තේ වෙයි. රෝගියාට කලින් කල දැහැමි කථාවෙන් කරුණු පවසන්නට, සමාදන් කරවන්නට, උනන්දු කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල නොවෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ගිලානෝපස්ථායකයා ගිලානෝපස්ථානයට නුසුදුසු වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ගිලානෝපස්ථායකයා ගිලානෝපස්ථානයට සුදුසු වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
බෙහෙත් පිළියෙල කරන්නට ප්‍රතිබල වෙයි. රෝගයට හිත අහිත දේ ගැන දන්නේ වෙයි, රෝගයට අහිත දේ ඉවත් කරන්නේ වෙයි, රෝගයට හිත දේ දෙන්නේ වෙයි. මෙත් සිතින් යුතු වූයේ ලාභාපේක්ෂාවෙන් තොර ව ගිලනාට උපස්ථාන කරන්නේ වෙයි. රෝගියාගේ මල හෝ මූත්‍රා හෝ වමනය හෝ කෙළ හෝ බැහැර කරන්නට පිළිකුල් නැත්තේ වෙයි. රෝගියාට කලින් කල දැහැමි කථාවෙන් කරුණු පවසන්නට, සමාදන් කරවන්නට, උනන්දු කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ගිලානෝපස්ථායකයා ගිලානෝපස්ථානයට සුදුසු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ගිලානූපට්ඨාක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M