සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
(1). නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නී වෙයි. (2). නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නී වෙයි. (3). මිථ්‍යා වචන ඇත්තී වෙයි. (4). මිථ්‍යා ක්‍රියා ඇත්තී වෙයි. (5). ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නී වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
(1). දැන විමසා නුගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නී වෙයි. (2). දැන විමසා ගුණ කිව යුත්තාගේ ගුණ කියන්නී වෙයි. (3). නිවැරදි වචන ඇත්තී වෙයි. (4). නිවැරදි ක්‍රියා ඇත්තී වෙයි. (5). ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති නොකරන්නී වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය.
සාදු! සාදු!! සාදු!!!
මිච්ඡාවාචා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M