අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.2.5. මච්ඡරී සූත්‍රය

5.3.2.5. මසුරු භික්ෂුණිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

ආවාසයෙහි මසුරු බවින් යුක්තවන්නී වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු බවින් යුක්තවන්නී වෙයි. ලාභ සත්කාරයෙහි මසුරු බවින් යුක්තවන්නී වෙයි. ගුණ වර්ණනාවෙහි මසුරු බවින් යුක්තවන්නී වෙයි. ධර්මයෙහි මසුරු බවින් යුක්තවන්නී වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය.

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

ආවාසයෙහි මසුරු බවින් යුක්තවන්නී නොවෙයි. දායක පවුල් කෙරෙහි මසුරු බවින් යුක්තවන්නී නොවෙයි. ලාභ සත්කාරයෙහි මසුරු බවින් යුක්තවන්නී නොවෙයි. ගුණ වර්ණනාවෙහි මසුරු බවින් යුක්තවන්නී නොවෙයි. ධර්මයෙහි මසුරු බවින් යුක්තවන්නී නොවෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය.

සාදු! සාදු!! සාදු!!!

මච්ඡරී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M