අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.2.3. සම්මා සමාධි සුත්තං

5.3.2.3. සම්මා සමාධිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට අසමත් වෙයි. ඒ කවර පසක් ද යත්;

ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. නාසයට දැනෙන ගන්ධ ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. දිවට දැනෙන රස ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි. කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු නොහැකි වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට අසමත් වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට සමත් වෙයි. ඒ කවර පසක් ද යත්;

ඇසින් දකින රූප ඉදිරියේ ඉවසනු හැකි වෙයි. කනට ඇසෙන ශබ්ද ඉදිරියේ ඉවසනු හැකි වෙයි. නාසයට දැනෙන ගන්ධ ඉදිරියේ ඉවසනු හැකි වෙයි. දිවට දැනෙන රස ඉදිරියේ ඉවසනු හැකි වෙයි. කයට දැනෙන පහස ඉදිරියේ ඉවසනු හැකි වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සම්මා සමාධිය උපදවාගෙන වාසය කරන්නට සමත් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සම්මා සමාධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M