අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.7. සීලසම්පන්න සුත්තං

5.3.1.7. සීල සම්පන්න වීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අංජලිකරණීය වෙයි, ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සීල සම්පන්න වෙයි. සමාධි සම්පන්න වෙයි. ප්‍රඥා සම්පන්න වෙයි. විමුක්ති සම්පන්න වෙයි. විමුක්ති ඥානදර්ශන සම්පන්න වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි, පාහුණෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අංජලිකරණීය වෙයි, ලොවෙහි අනුත්තර පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සීලසම්පන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M