අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.5. ඵාසුවිහාර සුත්තං

5.3.1.5. පහසුවෙන් වාසය කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පහසුවෙන් වාසය කිරීම් පසකි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව තුළ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි එළිපිට ත්, රහසේ ත් මෛත්‍රී කාය කර්මයන් එළඹ සිටියේ වෙයි. මෛත්‍රී වචී කර්මයන් ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි එළිපිට ත්, රහසේ ත් මෛත්‍රී මනෝ කර්මයන් එළඹ සිටියේ වෙයි.

කඩ නොවූ, සිදුරු රහිත වූ, පැල්ලම් රහිත වූ, කැලැල් රහිත වූ, තෘෂ්ණා දාස බව රහිත වූ, නැණවතුන්ගෙන් ප්‍රශංසා ලැබෙන්නා වූ, තෘෂ්ණා දෘෂ්ටි ආදිය මිශ්‍ර නොවූ, සමාධිය පිණිස පවතින්නා වූ යම් ඒ සීලයන් ඇද්ද, සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එළිපිට ත්, රහසේ ත් එබඳු වූ සීලයන්ගෙන් සමාන වූයේ වෙයි.

ආර්ය වූ, නිවන පිණිස පවතින, මැනැවින් දුක් අවසන් කරනු ලබන, යම් දෘෂ්ටියක් ඇද්ද, එබඳු වූ දෘෂ්ටියකින් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ එළිපිට ත්, රහසේ ත් සමාන වූයේ වෙයි.

මහණෙනි, මේ වනාහී පහසුවෙන් වාසය කිරීම් පස යි.

සාදු! සාදු!! සාදු!!!

ඵාසුවිහාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M