අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.5.8. චතුත්ථ අකුප්ප සුත්තං

5.2.5.8. නොසැලීම ගැන වදාළ සිව්වෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව අනාපානසති භාවනාව බහුල ව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අල්ප දෙයින් යුක්ත වූයේ වෙයි. අල්ප කටයුතු ඇත්තේ වෙයි. පහසුවෙන් පෝෂණය කළ හැක්කේ වෙයි. ජීවත් වීමට ලැබෙන දේ කෙරෙහි හොඳින් සංතෝෂ වන්නේ වෙයි. අල්පාහාර ඇත්තේ වෙයි. කුස පිරී යන තෙක් ම ආහාර නොගන්නේ වෙයි. අල්ප නින්ද ඇත්තේ වෙයි. නිදි වැරීමෙහි යුක්ත වූයේ වෙයි. අරණ්‍යයෙහි වාසය කරන්නේ, ඈත දුර සෙනසුන්හි වසන්නේ වෙයි. සිත විමුක්තියට පත් වූයේ යම් අයුරින් ද එය ප්‍රත්‍යවේක්ෂා කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව අනාපානසති භාවනාව බහුල ව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ අකුප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M