අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.5.5. අකුප්ප සුත්තං

5.2.5.5. නොසැලීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අත්ථ පටිසම්භිදාවට පැමිණියේ වෙයි. ධම්ම පටිසම්භිදාවට පැමිණියේ වෙයි. නිරුක්ති පටිසම්භිදාවට පැමිණියේ වෙයි. පටිභාන පටිසම්භිදාවට පැමිණියේ වෙයි. සිත විමුක්තියට පත් වූයේ යම් අයුරින් ද එය ප්‍රත්‍යවේක්ෂා කරයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

අකුප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M