☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් වැදෑරුම් දියුණුවකින් දියුණුවට පත්වන ආර්ය ශ්‍රාවිකාව ආර්ය වූ දියුණුවෙන් දියුණු වන්නී ය. ජීවිතයෙහි සාරය ගන්නා සුළු වන්නී ය. උත්තමාර්ථය ගන්නා සුළු වන්නී ය. ඒ කවර පසක් ද යත්;
ශ්‍රද්ධාවෙන් දියුණු වෙයි. සීලයෙන් දියුණු වෙයි. ශ්‍රැතයෙන් දියුණු වෙයි. ත්‍යාගයෙන් දියුණු වෙයි. ප්‍රඥාවෙන් දියුණු වෙයි.
මහණෙනි, මේ පස් වැදෑරුම් දියුණුවකින් දියුණුවට පත්වන ආර්ය ශ්‍රාවිකාව ආර්ය වූ දියුණුවෙන් දියුණු වන්නී ය. ජීවිතයෙහි සාරය ගන්නා සුළු වන්නී ය. උත්තමාර්ථය ගන්නා සුළු වන්නී ය.
(ගාථා)
1. යම් තැනැත්තියක් මෙලොවෙහි ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, ප්‍රඥාවෙන් ද, ත්‍යාගයෙන් ද, ශ්‍රැතයෙන් ද දියුණු වන්නී නම්, එබඳු සිල්වත් උපාසිකා තොමෝ තමා ලද ජීවිතයෙහි සාරය ලබාගන්නී ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය වඩ්ඪි සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M