අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.2.3. පඨම වඩ්ඪි සුත්තං

5.2.2.3. දියුණුව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් වැදෑරුම් දියුණුවකින් දියුණුවට පත්වන ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ දියුණුවෙන් දියුණු වෙයි. ජීවිතයෙහි සාරය ගන්නා සුළු වෙයි. උත්තමාර්ථය ගන්නා සුළු වෙයි. ඒ කවර පසක් ද යත්;

ශ්‍රද්ධාවෙන් දියුණු වෙයි. සීලයෙන් දියුණු වෙයි. ශ්‍රැතයෙන් දියුණු වෙයි. ත්‍යාගයෙන් දියුණු වෙයි. ප්‍රඥාවෙන් දියුණු වෙයි.

මහණෙනි, මේ පස් වැදෑරුම් දියුණුවකින් දියුණුවට පත්වන ආර්ය ශ්‍රාවකයා ආර්ය වූ දියුණුවෙන් දියුණු වෙයි. ජීවිතයෙහි සාරය ගන්නා සුළු වෙයි. උත්තමාර්ථය ගන්නා සුළු වෙයි.

(ගාථා)

1. යමෙක් මෙලොවෙහි ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, ප්‍රඥාවෙන් ද, ත්‍යාගයෙන් ද, ශ්‍රැතයෙන් ද දියුණු වෙයි නම්, නුවණැති එබඳු සත්පුරුෂයා තමා ලද ජීවිතයෙහි සාරය ලබාගන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම වඞ්ඪි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M