සැවැත් නුවර දී ය…….
මහණෙනි, මේ පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ, සැප කැඳවා දෙන කුසල් පසකි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, යම් දායකයෙකුගේ සිවුරක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. සැප කැඳවා දෙයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.
මහණෙනි, යම් දායකයෙකුගේ දානයක් පරිහරණය කරන භික්ෂුව ….(පෙ)…. යම් දායකයෙකුගේ විහාරයක් පරිහරණය කරන භික්ෂුව ….(පෙ)…. ඇඳ පුටු පරිහරණය කරන භික්ෂුව ….(පෙ)…. ගිලන්පස බෙහෙත් පිරිකරක් පරිහරණය කරන භික්ෂුව ගුණයෙන් අප්‍රමාණ වූ අරහත්ඵල සමාධියට සමවැදී වාසය කරයි ද, දායකයා හට ද අප්‍රමාණ වූ පුණ්‍ය ප්‍රවාහයක්, කුසල ප්‍රවාහයක් ගලා එයි. සැප කැඳවා දෙයි. එයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නේ ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නේ ය.
මහණෙනි, මේ වනාහී පුණ්‍ය ප්‍රවාහයෝ, කුසල ප්‍රවාහයෝ, සැප කැඳවා දෙන කුසල් පස යි. මෙයින් සුගති සැප ලබා දෙයි. සැප විපාක සළසයි. සුගතිය පිණිස පවතින්නාහු ය. සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින්නාහු ය.
මහණෙනි, මේ පුණ්‍ය ප්රවාහයන්, කුසල ප්රවාහයන්, සැප කැඳවා දෙන කරුණු පසින් යුතු ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණයක් ගන්නට පහසු නැත. සුගති සැප ලබා දෙන, සැප විපාක සළසන, සැප කැඳවා දෙන, සුගතිය පිණිස පවතින, සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහය, කුසල ප්‍රවාහය මෙපමණෙකි යි කියා කිව නොහැකි ය. වැලිදු අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යන්නේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මහා සමුද්‍රයෙහි ඇති ජලය ප්‍රමාණයකට ගැනීම ඉතා අපහසු ය. එහි මෙතෙක් දිය බඳුන් ගණනකි. එහි මෙතෙක් දිය බඳුන් සිය ගණනකි. මෙතෙක් දිය බඳුන් දහස් ගණනකි. මෙතෙක් දිය බඳුන් සිය දහස් ගණනකි වශයෙන් ගිණිය නොහැක්කේ ය. වැලිදු අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ මහා ජලස්කන්ධයක් යන සංඛ්‍යාවට වැටෙයි. එසෙයින් ම මහණෙනි, මේ පුණ්‍ය ප්රවාහයන්, කුසල ප්රවාහයන් පසින් යුතු ආර්ය ශ්‍රාවකයාගේ පිනෙහි ප්‍රමාණයක් ගන්නට පහසු නැත. සුගති සැප ලබා දෙන, සැප කැඳවා දෙන, සැප විපාක සළසන, සුගතිය පිණිස පවතින, සිතට ප්‍රිය ඇතිකරවන, කාන්ත වූ, මනාප වූ, හිතසුව පිණිස පවතින පුණ්‍ය ප්‍රවාහය, කුසල ප්‍රවාහය මෙපමණෙකි යි කියා කිව නොහැකි ය. වැලිදු අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ මහා පුණ්‍යස්කන්ධයක් ය යන සංඛ්‍යාවට යන්නේ ය.
(ගාථා)
1. අප්‍රමාණ වූ මහා කඳක් වැනි වූ, බොහෝ භයභේරව ඇති නොයෙක් රන් රුවන්වලට ආකර වූ මහා සාගරයට මිනිස් සමූහයා විසින් සේවනය කරනු ලබන බොහෝ ගංගාවෝ වැද ගනිති.
2. මෙසෙයින් ආහාරපාන, වස්ත්‍ර, සයනාසන, පුටු, ඇතිරිලි ආදිය පූජා කරන්නා වූ නුවණැති මිනිසා කරා පුණ්‍යධාරාවෝ වැද ගනිති. ගංගාවන් සයුරට වදින්නාක් ලෙසිනි.
සාදු! සාදු!! සාදු!!!
පුඤ්ඤාභිසන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M