අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.3.5. අනුග්ගහීත සුත්තං

5.1.3.5. අනුග්‍රහ ලබන දෙය ගැන වදාළ දෙසුම

මහණෙනි, කරුණු පසකින් අනුග්‍රහ ලද සම්මා දිට්ඨිය චිත්ත විමුක්ති ඵලය ද ඇත්තේ වෙයි. චිත්ත විමුක්ති ඵලානිශංසය ද ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵලය ද ඇත්තේ වෙයි. ප්‍රඥාවිමුක්ති ඵලානිශංසය ද ඇත්තේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා සම්මා දිට්ඨිය සීලයෙන් අනුග්‍රහ ලබන්නේ ද වෙයි. ශ්‍රැතයෙන් (නිවැරදිව ලබන ධර්ම ශ්‍රවණයෙන්) අනුග්‍රහ ලබන්නේ ද වෙයි. සාකච්ඡාවෙන් අනුග්‍රහ ලබන්නේ ද වෙයි. සමථයෙන් අනුග්‍රහ ලබන්නේ ද වෙයි. විදර්ශනාවෙන් අනුග්‍රහ ලබන්නේ ද වෙයි.

මහණෙනි, මේ කරුණු පසෙන් අනුග්‍රහ ලද සම්මා දිට්ඨිය චිත්ත විමුක්ති ඵලය ද ඇත්තේ වෙයි. චිත්ත විමුක්ති ඵලානිශංසය ද ඇත්තේ වෙයි. ප්‍රඥා විමුක්ති ඵලය ද ඇත්තේ වෙයි. ප්‍රඥාවිමුක්ති ඵලානිශංසය ද ඇත්තේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අනුග්ගහීත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M